Site icon Newshub

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

පාසල් සිසුන්ට කෘතිම බුද්ධිය ආශ්‍රිත අධ්‍යයන කටයුතු වල නියැලීමට අවස්ථාවක් ලබාදීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව තෝරාගත් පාසල් 100 ක  06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ඉගෙනුව ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් කෘතිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාක්මක කිරීමට නියමිතය.

එහි ප්‍රතිඵල මත පදනම් ව ඉදිරි වසර තුළ මෙම වැඩසටහන දියත් කිරීමට තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

Exit mobile version