Site icon Newshub

ජනාධිපති වුනාම රටේ සාමය පවත්වාගෙන යන්නේ මාලිමාවේ කොට්ඨාශ සභා හරහා – අනුර

ජාතික ජන බලවේගය විසින් රට පුරා පිහිටුවා ඇති කොට්ඨාස සභා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුවද පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

ගමක සාමය පවත්වාගෙන යාම එම කොට්ඨාස සභා හරහා සිදුකරන බවද අනුර දිසානායක මහතා කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ගල්ගමුවේදී සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ගමේ සාමය පවත්වාගෙන යෑම සඳහා එම කොට්ඨාස සභා ජනාධිපතිවරණයෙන් ඉදිරියට වැඩ වැඩ කරනු ඇති බවද මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

නුගේගොඩ පැවති ජන රැළියක් අමතමින් මීට පෙර අවස්ථාවකදී එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතාද මෙවැනිම අදහසක් ඉදිරිපත් කළ අතර ඔහු කියා සිටියේ අධිකරණ බලය ගමට ලබාදීමට කටයුතු කරනු බවයි.

Exit mobile version