Site icon Newshub

SJB සහ NPP “පොල් බූරුවෝ” ප්‍රසිද්ධ මාධ්‍යයේ බැනගනී

පෞද්ගලික නාලිකාවක ඊයේ රාත්‍රියේ (20) විකාශය වූ දේශපාලනික වැඩසටහනකදී සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය නියෝජිතයන් අතර උණුසුම් විවාදයක් ඇති විය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා ජාතික ජන බලවේගය වෙනුවෙන් පැමිණ සිටි මහින්ද ජයසිංහ මහතා අතර මෙම විවාදය ඇති වූයේ වසර විස්සක් තිස්සේ කිසිදු පාසලක උගන්වා නැතැයි මහින්ද ජයසිංහ මහතාට හේෂා විතානගේ මහතා විසින් චෝදනාවක් එල්ල කිරීමත් සමඟයි.

මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ තමන් කිසිදු නීති විරෝධී වැඩක් කර නැති බවත් මෙරට ව්‍යවස්ථාවෙන් වෘත්තිය සමිතියක් සඳහා ඇති අයිතිවාසිකම් පමණක් තමන් භුක්ති විඳ ඇති බවත්ය.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මහින්ද ජයසිංහ මහතාගෙන් විමසා සිටියේ නව ක්‍රමවේදයක් ඇතිකරන බව පවසන ජාතික ජන බලවේගයේ පිරිස් එයට ආදර්ශයක් ලබාදෙමින් අවුරුදු 20ක් කිසිඳු පාසලක දරුවන්ට අධ්‍යාපනය ලබාදීමෙන් වැලකි සිටිනවාට වඩා පාසලක ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තිබුන බවයි.

මෙම වාදය උත්සන්න වූ අවස්ථාවක මහින්ද ජයසිංහ මහතා විසින් පොල් බූරුවා යයි හේෂා විතානගේ මහතාට බැණ වැදුන අතර හේෂා විතානගේ මහතාද එලෙසම මහින්ද ජයසිංහ මහතාට අමතන ලදී.

Exit mobile version