Site icon Newshub

චන්ද්‍රිකාගේ සහාය විජගේ මිනීමරුවාගේ පුතාට?

එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිට තීරණය කර ඇති බව වාර්තාවේ.

මේ වන විට අත්තනගල්ල නිවසේ සිට ඇයගේ හිතවතුන් ප්‍රසිද්ධියේ සජිත් වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විට රහසේ සජිත් හිතවාදීන් සමග වැඩකටයුතු ආරම්භ කර ඇති බවද සමීප ආරංචි මාර්ග තහවුරු කළේය.

චන්ද්‍රිකා රජය විසින්ම  විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවෙන් පැහැදිලිව සනාථ කර සිටියේ විජය ඝාතනය පිටුපස ප්‍රේමදාස ජනාධිපතිවරයා සිටි බවයි.  තත්වය එසේ තිබියදී ඇය මේවනවිට තම ස්වාමියාගේ මිනීමරුවාගේ පුතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි ද යන්න ගැටලුවක්ව පවතී. තමන්ගේ අම්මා අනාචාරයේ ගොස් හදාගත් දරුවකු ලෙස අනුර ව පාර්ලිමේන්තුවේදී ම හඳුන්වා දුන් ප්‍රේමදාසගේ පුතුට ඇය කෙලෙස සහාය දෙන්නේද යන්න ගැටලුවක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විවිධ පාර්ශව අතර මේවනවිට සාකච්ඡාවක් ආරම්භවී තිබේ. ඇතැම්විට ප්‍රේමදාස පාලනය පිළිබඳ මෙලෙස අමතක කළ හැකිනම් චන්ද්‍රිකා ජනාධිපතිවරියට ලබන වර නාමල් රාජපක්ෂට සහය දැක්වීම වෙනුවෙන් ද පෙනීසිටීමට හැකියාව ඇති බව පාක්ෂිකයෝ චෝදනා කරති.

විජය කුමාරතුංග යනු මෙරට බිහිවු අසහාය සහය කලාකරුවා මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය නවමු මඟකට යොමුකිරීමට කැපවු විශිෂ්ට ගණයේ මිනිසෙකි.

ඔහුගේ ඝාතනය කිසිවෙකු අනුමත නොකරන සාහසික සිදුවීමක් වු අතර අදටත් එම මතය එලෙසම පවතී. එවන් තත්වයක් තුළ පාක්ෂිකයින්ගේ මතයට පටහැණි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේද මේවනවිට කතාබහක් නිර්මාණය වෙමින් පවතී.

 

Exit mobile version