Site icon Newshub

මට ඇමතිකමක් එපා.!

තමා සමගි ජනබලවේගය සමඟ එක්වුයේ කිසිදු ඇමති තනතුරු බලාපොරොත්තුවකින් නොවන බවත් එසේ උවද අවස්ථාවක් ලබාදුන්නහොත් එය සාර්ථකව ඉටුකිරීමට කටයුතු කරන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහුට ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි බවද හෙතෙම මෙම මාධ්‍ය හමුවේදී පිළිගත් අතර පාර්ලිමේන්තු යාමේ අවශ්‍යතාවයක් නැති බවද පැවසීය.

මම ඇමතිධුරයක් ගැන නායකතුමා එක්ක කතාකරලා නැහැ. වැඩපිළිවෙලට තමයි මම එකතු වුනේ. හැබැයි අවස්ථාවක් ලැබුණොත් යම් වැඩපිළිවෙලක් එක්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වෙනතෙක් එතුමා සමඟ කිසිම ගිවිසුමක් හෝ එකඟතාවයක් නැහැ. 2019 රැල්ලත් එක්ක අපිට වැරදුනා. ඒ විදිහට වැරදි තීන්දු ගත්තොත් අපිට ආයෙත් වරදිනවා. ඒ නිසා තමයි මම හැමදේම කැපකරලා කිසි දෙයක් බලාපොරොත්තු නොවී මෙතැනට ආවේ.  කිසිම ගිවිසුමක් හෝ ඉල්ලීමක්  අනුව නෙවෙයි මම මෙතෙන ඉන්නේ.  මට ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා. පාර්ලිමේන්තු යන්න කිසිම උවමනාවක් නැහැ. නිවැරදි නායකයා සමඟ එක්ක හිටගන්න විතරයි අවශ්‍ය උනේ.  හැමෝටම කියන්න ලේසියි වැඩකරන්නෙ නැහැ. හැබැයි අපේ නායකයා වැඩකරලා පෙන්වලා තිබෙනවා. යනුවෙන්ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version