Site icon Newshub

උපාධිධාරීන් 20,000 රජයේ රැකියා – දේශීය ආදායම්/ රේගු/ විදේශ / සංචාරක තවත් රැකියා 3000 දෙනවා – අනුරගෙන් පොරොන්දුවක්

උපාධිධාරීන් 20,000 රජයේ රැකියා ලබාදෙන බව ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

“රට අනුරට” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලෙස ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති රාමුව නම්කර ඇති අතර එහි උපාධිධාරීන්ට ලබාදෙන රැකියා යටතේ මේ බව සඳහන් කර තිබේ.

 

එමෙන්ම දේශීය ආදායම්, රේගු, විදේශ , සහ සංචාරක ක්ෂේත්‍රවල තවත් රැකියා 3000 ලබාදෙන බවද අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දුවක් ලබාදී තිබේ.

මේවනවිට රාජ්‍ය සේවයට ඉසිලිය නොහැකි ප්‍රමාණයක සේවකයින් සිටින අතර එම ප්‍රමාණය අඩු කළ යුතු යැයිද මීට පෙර සිට ප්‍රකාශ කරමින් සිටි ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා ඉදිරිපත් කර ඇති මෙම කාරණා හේතුවෙන් තවදුරටත් රාජ්‍ය සේවය පුළුල්වීමක් සිදුවේ.

භූගෝලීය පිහිටීමේ වාසිය භාවිත කරමින් ලංකාව ඉන්ධන හා බලශක්ති වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බවද සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

වත්මන් ආණ්ඩුවද මේබව ප්‍රකාශ කරමින් කටයුතු කරගෙන යන අතර එහිදී ජාතික ජන බලවේගය එම වැඩපිළිවෙල විවේචනය කරමින් ප්‍රකාශ කර සිටියේ එය ශ්‍රී ලංකාවේ සම්පත් විකිණීමට ගන්නා උත්සාහයක් බවයි.

 

Exit mobile version