Site icon Newshub

සජිත් ප්‍රේමදාසගේ නංගි ආච්චිගෙ රෙද්දේ කට්ට ගහනවා – අනුර දිසානායක

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය මැතිවරණ වෙනුවෙන් විවිධ රංගනයන්ගේ නිරත්වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

කොලින්නාවේදී පැවති රැළියකදී  හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

ජන්ද ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් කාන්තාවනට ක්‍රීම් ලබා දෙමින් සාරි අන්දමින් සිටින බවද ඔහු පවසා තිබේ..,

“සජබෙ කට්ටියක් ගල්ගමුවෙ ගිහින් සබන් කෑල්ලකුයි මුණේ ගාන ක්‍රීම් බෙදලා.  එකතුව ගත්තාම රැපියල් 780 යි ලු. සජිත් ප්‍රේමදාසගේ නංගී අම්මාකෙනෙක්ගේ හැට්ටේ කට්ටකුත් ගහනවා. තව මම දැක්කා අම්මා කෙනෙකුට සාරියකුත් අන්දනවා. මොන විකාර වැඩද මේවා. මාධ්‍ය කිහිපයකුත් අල්ලගෙන බොරු සංදර්ශනයකුත් පෙන්නනවා. රිශාඩ්ලා චම්පිකලා 2019 වෙඩින් එක අරගෙන තිබුණෙ. දැන් ආයේ සැරයක් ඇනිවසරි එක අරගෙන කියනවා සජිත් සමඟ චම්පික එකතු වේ කියලා.” යනුවෙන් ද වැඩිදුරටත් පවසා තිබේ.

 

 

Exit mobile version