Site icon Newshub

අනුර දවසට පැය 21ක් වැඩකරනවා – සුනිල් හඳුන්නෙත්ති

අනුර කුමාර දිසානායක මහතා දවසට පැය 21ක කාලයක් වැඩකරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඉකුත් 17 වැනිදා මාතර පැවති ජන රැලිය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත් තමන් කී ද කළ හැකි නායකයා අනුර කුමාර දිසානායක බව මෙහිදී ඔහු සඳහන් කළා.

සැප්තැම්බර් මස 21 වෙනිදායින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නැති කරන බවත්, ඔවුන්ට ලබාදෙන වහාන බලපත්‍රය නැති කරන බවත් සඳහන් කළ සුනිල් හඳුන්නෙති මහතා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා දිනවීමට සැමදෙනාම එක්ව කැපවීම් කළයුතු බවයි.

Exit mobile version