Site icon Newshub

සජිත්ව දිනවලා ඉන්දියාවටත් ගේම දෙනවා – සුජීව සේමසිංහ

දක්ෂතාවය ඇති පිරිසක් සමඟ මේ රට දියුණු කිරීම කජ්ජක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රයේ සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඒ සඳහා මෙවර ජනාධිපතිවරණයේදී අවස්ථාව උදාවී ඇතැයි ද සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ රැලි මාලාව ආරම්භ කරමින් කුරුණෑගල පැවැති ජනරැළිය අමතමින් කියා සිටියා.

මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා වසර පහක් යන්නට පෙර ඉන්දියාවටත් ගේම දිය හැකි රටක් හැදීමට හැකි බවද ඔහු කියා සිටියා.

මෙවර මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයට උතුර දකුණ හොයා ගැනීමට බැරිවෙන ආකාරයේ පරාජයක් අත්කරදීමට සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Exit mobile version