Site icon Newshub

ශ්‍රී ලංකාව ගොඩ දමන්න පුළුවන් කියලා හිතන මිනිස්සු මාත් එක්ක එකතුවෙයි

“පුළුවන් ශ්‍රී ලංකා” ඒක පෙන්වන්න අපිට පුළුවන් යනුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(16දා) බත්තරමුල්ලේදී පැවසීය.
“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය අත්සන් කිරීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“මේ සම්මුතිය ඔබේ අනාගතය ගැන කැපවෙන්නයි. මේ සම්මුතිය රටේ අනාගතය ගැන කැපවෙන්නයි. මේ සම්මුතිය කැපවෙලා තියෙන්නේ රටට. බැහැ කියලා පැනලා යන්නේ නැතිව පුළුවන් කියලා හිතන මිනිස්සු තමයි පුළුවන් ශ්‍රී ලංකා සමග එකතුවෙන්නේ.

අනිත් අපේක්ෂයෝ කියනවා තමන් ගැන හිතලා ඡන්දෙ දෙන්න කියලා. නමුත් මම ඒක කියන්නේ නැහැ. ඔබේ අනාගතය ගැන හිතලා ඡන්දේ පාවිච්චි කරන්න කියලයි මම කියන්නේ.

අපි භාරගත්තේ බංකොළොත් උන රටක් . ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් බෙහෙත් පෝලිම් තිබුණ රටක් . අපිට මුදල් තිබුණේ නැහැ. ඒ බංකොළොත් ආර්ථිකය අද මෙතැනට ගෙනත් තිබෙනවා. ඒ වෙනුවෙන් අපිට අමාරු තීරණ ගන්න වුනා.

අපි එක්ක ගමන් කරන්න “පුළුවන් ශ්‍රී ලංකාවක්” “ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක්” අපි හදමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා. යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කළේය
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන පාර්ශව පක්ෂ සහ සන්ධාන 34 ක් මෙහිදී “පුළුවන් ශ්‍රී ලංකා” සමග සම්මුතිගත විය.

Exit mobile version