Site icon Newshub

නාමල් මල්ලිට අනුර අයියා හමුවේ.! ලැම්බොගිනි කෝ.?

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදුකෙරුනා.

එහිදී ජනාධිපතිවරණය ඇප තැන්පත් කළ අපේක්ෂයකයින් විසින් සිය නාමයෝජනා ලබාදෙන අතරතුර එකිනෙකා අතර සුහද කතාබහක යෙදෙනු දක්නට ලැබුනා.

මේ අතර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරඟ කරන අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ අතර ඉතාමත් සුහද කතා බහක යෙදෙනු දක්නට ලැබුනා.

පසුගිය සමයේ නාමල් බේබි ගෙනා ලැම්බෝගිනි සම්බන්ධයෙන් සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා වලදී දැඩි වාග් ප්‍රහාර එල්ල කලත් එකිනෙක මුණගැසුන විට මෙලෙස සුහදත්වය පෙන්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව දක්නට ලැබේ.

Exit mobile version