Site icon Newshub

ජනාධිපතිවරණයට තරඟකරුවෝ 39 ක්

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම අද(15) දිනයේදී සිදුවු අතර එහිදී ඉදිරිපත්වු සියලු නාමයෝජනා භාරගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව අද දිනයේදී නාමයෝජනා 39 ක් ලැබී තිබු අතර ඉදිරිපත් වු නාම යෝජනා දෙකක් වෙනුවෙන් විරෝධතා 03 ක් ලැබී තිබුණි. මේ අතරින් එක් විරෝධතාවයක් නමක් නොමැතිව ඉදිරිපත්ව තිබු බවත් ජනත රත්නායක මහතා වෙත විරෝධතා දෙකක් ඉදිරිපත්කර තිබු බවත් සභාපතිවරයා පැවසීය. එම විරෝධතා මැතිවරණ කොමිෂන් සභාවේ නිර්නාකයක වෙත අනුකූල නොවන බැවින් ඒවා ප්‍රතික්ශේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්දුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරණය ලබන මස 21 දා පැවැත්වීමට නියමිතය.

Exit mobile version