Site icon Newshub

TM ඩිල්ශාන් සමගි ජන බලවේගය හා එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට සහාය දීමට එක් වීමෙන් පසු පුරප්පාඩු වූ බේරුවල ආසන සංවිධායක ධුරයටද දිල්ෂාන් පත් කරනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් අතර රට අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Exit mobile version