Site icon Newshub

එක අපේක්ෂකයෙක්ට විතරක් කඩේ යන්න එපා – මැතිවරණ කොමිසම හිරුට කියයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව හිරු මාධ්‍ය ජාලය විසින් විකාශය කරනු ලබන වැඩසටහන් මඟින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය වන බවට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම දන්වා ඇත්තේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී 2024 ජුලි මස 26 වැනි දින අංක 2394/57 දරණ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානවලට පටහැනිව වැඩසටහන් විකාශය කර ඇති බවට පැමිණිලි රාශියක් හිරු නාලිකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.

එම ලිපියේ සඳහන් පැමිණිලි පහතින්,

ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාවක් අතරතුර විද්‍යුත් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් මඟ පෙන්වීමක් ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීම මෙන්ම තවත් අපේක්ෂකයෙන් අගතියට පත් නොවන ලෙස තම ගුවන් කාලය භාවිත කළ යුතු බවත් මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.

එවැනි පසුබිමක් තුළ හිරු ආයතනය විසින් ඉහත පැමිණිලිවල සඳහන් ආකාරයේ වැඩසටහන් විකාශය කරන්නේ නම් එය පොදු සංඛ්‍යාත හා ගුවන් කාලය අවභාවිතා කිරීමක් බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

එමෙන්ම, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බවද මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.

ඒ අනුව, ඉදිරියේදී මෙවැනි පැමිණිලි ඉදිරිපත් නොවන ආකාරයට සිය සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිත කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව හිරු මාධ්‍ය ජාලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

Exit mobile version