Site icon Newshub

සජබෙන් යන්න එපා – චතුරව ජාතික ලැයිස්තුවේ උඩින්ම ගන්නම් – සජිත්, රාජිතට කියලා

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවේ පළමු ආසන දෙක තුන ඇතුළත මන්ත්‍රී ධුරයක් තම පුත් චතුර සේනාරත්න මහතාට ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

තමන් ජනාධිපතිවරයාට සහාය දෙන බවට සජිත් ප්‍රේමදාස මහතාට දැන් දුම් අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා මේ බව තමන්ට කියා සිටි බව රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

තමන් ජනාධිපතිවරයාගේ සහයට එක්වීමට ගන්නා ලද තීරණය ඉවත් කරගන්නයි විපක්ෂ නායකවරයා තමන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බවද කියා සිටි මන්ත්‍රීවරයා තමන් රට වෙනුවෙන් කල්පනා කර බලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීන්දුව ගත් බවද මෙහිදී කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ගත තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් හෙතෙම මේ අදහස් පළ කරන ලදී.

Exit mobile version