Site icon Newshub

සජිත්ගෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට ආසන සංවිධායක ධූරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එහිදී තිලකරත්න ඩිල්ශාන් මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දීමට ද කටයුතු කර තිබුනා.

තිලකරත්න දිල්ෂාන් මහතා වසර 17ක පමණ කාලයක් ශ්‍රී ලංකා නියෝජනය කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ රට ආර්ථිකව, සමාජීයව සහ දේශපාලනිකව කඩාගෙන වැටීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පිටත්ව ගොස් තිබුනා.

එහිදී පසුගිය 2024 පෙබරවාරි මාසයේ ඒ මහතා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන තිබූ අතර ඒ බව එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේසන් වුඩ් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ද සටහනක් තබමින් තහවුරු කර තිබුනා.

මෙලෙස ලබාගත් පුරවැසිභාවය ඉවත් කර ගත බවට ඒ මහතා මේ දක්වා කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක්ව සිට රජයට එක වූ ඩයනා ගමගේ මහත්මියට විරුද්ධව විදෙස් පුරවැසියකු වීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකයට ගොස් ඒ මහත්මියව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් පවා ඉවත් කිරීමට කටයුතු කළ සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය එවැනිම විදෙස් පුරවැසියකුට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

 

Exit mobile version