Site icon Newshub

පොහොට්ටු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව නව සන්ධානයක් ගොඩනගයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු බහුතරයක් එක්ව නව සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

එහි ලේකම් ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

එම සන්ධානයේ කටයුතු තව දින කිහිපයකින් ඇරඹීමට නියමිත බවත් මේවන විට එහි සංයුතිය නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බවත් ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

වම දකුණ යා කරමින් සියලු පක්ෂ වලට එකතුවිය හැකි පුළුල් සන්ධානයක් ගොඩනැගීම මෙහි අරමුණ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළා.

Exit mobile version