Site icon Newshub

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවට ලංකාවේ අවසර හිමිවෙයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink Lanka (Private) Limited වෙත ශ්‍රී ලංකාවේ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් නිකුත් කර තිබේ.

(TRCSL) විසින් 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ (සංශෝධිත) මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක වේ.

ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ‍

ස්ටාර්ලින්ක් ආයතනය ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන්ග් මස්ක් මහතා හිමිකාරත්වයක් දරන ආයතනයක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් මහතා අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු වූ අතර එහිදී ඊලොන් මස්ක් මහතා විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය (Starlink) සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා ඉදිරියේදී මෙරට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව පෙන්වා දෙයි.

Exit mobile version