Site icon Newshub

සජිත්ට එළිපිටම සහය දෙනවා ­- වලවාහැංගුණ වැවේ හිමියෝ

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දැක්වීමට මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය සමග පුරාවටම වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පුවත්මවන චරිතයක් වු අතර 2023 සහ 2024 වසර දෙකේදීම මිහින්තලා රජ මහා විහාරයට පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබාදුන් මුදල් මදි බව පවසමින් ඒ සඳහා පිඩුසිඟා වැඩීමට වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් කටයුතු කල අතර රජය සහ සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙකුත් දේශපාලකයින් දැඩි ලෙස විවේචනය කිරීමටද උන්වහන්සේ  කටයුතු කළේය.

පොසොන් උත්සවයේ  විදුලිය සඳහා වැයවන වියදම  සජිත් ප්‍රේමදාස මහතා දැරීමට පසුගිය දෙවතමේ කටයුතු කළ අතර වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් සහ සජිත් ප්‍රේමදාස අතර සබඳතාව මෑතකදී ඇති වූවක් නොවන බව ඉන් පැහැදිලි වේ.

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට තමන්ද සුදානමින් සිටින බවටද උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණි.  දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි යැයි දැඩි ලෙස ප්‍රකාශ කරමින් පවතින රජය දැඩිලෙස විචේනය කිරීමට උන්වහන්සේ පසුගිය වසර දෙක තුළම දැඩි උත්සහයක් ගත්බව පෙනෙන්ට තිබුණි.

Exit mobile version