Site icon Newshub

නායකත්වය විශ්වාසයි – රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.71ක්

2024 වසරේ මුල් මාස 07 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඩොලර් මිලියන 566.8 කප්‍රේෂණ ප්‍රමාණයක් පසුගිය ජූලි මාසයේ දී පමණක් ලැබී තිබේ.

මෙලෙස 2024 මුල් මාස 07 තුළ ලද ප්‍රේෂණ වටිනාකම පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති ඩොලර් බිලියන 3.36 ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 10.3% ක ඉහළ යාමක් වේ.

ශ්‍රී ලංකාව 2022 වසරේ දී මුහුණ දුන් දැවැන්ත විදේශ විනිමය අර්බුදයත් සමඟම ඊට විසඳුම් සෙවීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනකට අවතීර්ණ වූ අතර එහිදී සිව්වසරක කාලයක් පුරාවට මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3කට ආසන්න මුදලකි.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉතා දැවැන්ත දායකත්වයක් ලැබී ඇති බව මේ අනුව පැහැදිලි වනු ඇත.

Exit mobile version