Site icon Newshub

ජුලි මස ICC ක්‍රීඩිකාව චමරි

ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණු අතර චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයවෙයි.

මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් එම සම්මානය තුන් වරක් දිනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලේ ගාර්ඩ්නර් මෙම සම්මානය සිව් වරක් දිනාගෙන තිබේ.

 

Exit mobile version