Site icon Newshub

හිරුණිකා දුක කියයි – හරීන්ගේ මන්ත්‍රී ධුරය දුන්නොත් මම සතුටින් බාර ගන්නවා

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හිස් වු සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම යෝජනා වී තිබුණද මාධ්‍ය නාලිකාවක දැඩි බලපෑමට යටත්වී සිටීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදුව ඇති බැවින් එම පත්කිරීම මෙතෙක් සිදුකර නොමැත.

මේ අතර හැකිනම් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව පත්කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද සමගි ජනබල වේගයට අභියෝගයක් කර තිබුණි.

කෙසේවෙතත් මාධ්‍ය නාලිකාවක උපදෙස් මත මේවනවිට සමගි ජනබලවේගයේ නායක සහ මහලේකම් දෙපළ කටයුතු කරන බැවින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එම අවස්ථාව ලබා නොදීමට ගත හැකි සියලු දේ සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ(11දා) හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අදහස් දක්වා තිබුණි,

සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් කඩුවෙල ආසන සංවිධායක ධුරය ඉල්ලාගත්තා. එතැනින් එහාට කිසිදු වරප්‍රසාදයක් මම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලගෙන නැහැ.

මම සමාජ මාධ්‍යවල දැක්කා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මගේ නමත් යෝජනා වෙලා තියෙනවා කියලා. නමුත් පක්ෂයෙන් මට කියලත් නැහැ මම අහන්න ගියෙත් නැහැ. මන්ත්‍රීකම දුන්නොත් මම සතුටින් භාරගන්නවා. එහෙම නැති උනොත් ඊලඟ මැතිවරණයෙන් ජනතාවගෙ මනාපයෙන් පාර්ලිමේන්තු එන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව මාව ඒ තත්වයට අරගෙන එයි කියලා මම විශ්වාස කරනවා.  ඒවගේම ජාතික ලයිස්තු ධූරයට ජනතාව මගේ නම යෝජනා කිරීමට මට ගෞරවක් විදිහටත් මම සලකනවා.යනුවෙනි

Exit mobile version