Site icon Newshub

මහින්දලාගේ හොර රැළ ඇතුලේ මම හොරෙක් නොවී ලස්සනට හිටියා – ඩලස්

චෞර වළල්ලක් ඇතුලත තමන් චෞරයෙක් නොවී සිටියේ තමන්ගේ භාවිතාව හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූයේ රාජපක්ෂ පාලන සාමය තුළ රාජපක්ෂ පවුලට ඉතාම සමීපතමයෙක් ලෙස කටයුතු කළ ඔහුට රාජපක්ෂ ඇතුළු එම රජයේ බොහෝමයක් දෙනාට වංචා දූෂණ චෝදනා තිබියදී ඔහුට එවැනි චෝදනාවක් එල්ල නොවන්නේ කෙසේදැයි පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකදී යොමුකළ ප්‍රශ්නයට පිලතුරු ලබාදෙමිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියව සිටියදී එක් මන්ත්‍රීවරයකුට තැබෑරුම් බලපත්‍ර 08 බැගින් සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කලත් තමන් එහිදී එම බලපත්‍ර ලබා නොගත් බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

ඕනෑම තැනක තමන් ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවානම් කෙතරම් හොරු සමඟ සිටියත් හොරෙක් නොවී සිටිය හැකි බව මන්ත්‍රීවරයා මෙහෙදී කියා සිටියා.

Exit mobile version