Site icon Newshub

මෙවර ජනාධිපතිවරණයෙන් තීරණය කරනේ මගේ අනාගතය නොව තරුණ ඔබේ අනාගතයයි – ජනපති

මේවන විට රට   ඉතා තීරණාත්මක අවස්ථාවක ඇති අතර මෙවර ජනාධිපතිවරණයන් රටට අවශ්‍ය අනාගතය තෝරාගැනීමට තරුණයන්ට අවස්ථාවක් ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

සමාජ මාධ්‍ය ඔස්සේ යොමුවන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සදහන් කළේය .

 

සමාජ් මාධ්‍ය භාවිතා කරන තරුණතරුණියන්ඒ සදහා ප්‍රශ්න යොමු කර තිබූ අතර රටේ අනාගතය සම්බන්ධයෙන් යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබ්ව කීවේය.

 

“තරුණයන්ට ස්ථීර අනාගතයක් තියෙන්න ඔනේ. මෙවර ජනාධිපතිවරණයන් තීරණය කරනේ මගේ අනාගතය නෙවෙයි . තරුණ ඔබේ අනාගතය. මෙවර ජනාධිපතිවරණයේ දී ඔබ ඔබේ අනාගතය ගැන තීරණයක් ගන්න.

ඒ වගේම අධ්‍යාපනය ආර්ථිකය මේ සියල්ල ඩිජිටල්කරනය වෙමින් වෙනස් විය යුතුයි .

රට නවීකරණය කරනේ කොහොමද මේ රට   දියුණු කරනේ කොහොමද කියලා තරුණ ඔබ ඔබේ දායකත්වය දෙන්න අවශ්‍යයි .

ඒ නිසයි ඔබ  මාව තෝරාගතයුත්තේ  ඔබට සුරක්ෂිත අනාගතයක් ඇති කරන්න.

2048 වෙනකොට රට කොහොමද තියෙන්නෙ ඔනේ.මේදේ හිතනවානම් මට ජන්දය දෙන්න.

සිංහල දමිල මේ හැමෝම එකට ජීවත් වෙන්න රටක් ඇතිකරගන්න  . එහෙම වෙන්න ඔනේ නැහැ කියලා හිතනවානම් මට බල කරන්න බැහැ . මම  ගැන නෙවෙයි රට ගැන හිතන්න

 

Exit mobile version