Site icon Newshub

ලාල් කාන්ත කියනවා වගේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන්න පුලුවන්ද?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්කර ගන්නා බවට ජාතික ජන බලවේගයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) සිය ප්‍රතිචාරය දැක්වීය.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට යොමුව තිබූ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසූයේ,

“ඉස්සෙල්ලා අපේක්ෂකයා ජනාධිපති වෙන්න ඕනේ නෙ. එතකම් ඒ ගැන කතා කරලා වැඩක් නැහැනේ” යනුවෙනි.

දේශපාලනය සදහා තරුණ පිරිස් එකවීම වැදගත් බවත් අත්දැකීම් එකතු කරගැනීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී කීවේය. එමෙන්ම සියලුම පක්ෂ වලට තමන් සමග එක්විය හැකි බවද පැවසූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

හැමෝටම එන්න පුළුවන් . ඒත් තීරණ ගන්නේ මම.
සජිත් ආවත්, අනුර ආවත් රාජපක්ෂ ආවත් මේ හැමෝටම එන්න පුළුවන්
අපි තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. ඔබ තීරණය කරන්න ඔබට අවශ්‍ය අනාගතය කුමක්ද කියලා

මම විපක්ෂයේ අනුරටයි සජිත්ටයි කියලා තියනවා, එන්න කියලා. තවත් වැඩ උගන්වන්න මම ලැස්තියි යනුවෙන් වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙහෙදී කියා සිටියා.

Exit mobile version