Site icon Newshub

යළිත් එකඟතා කැඩුවොත් නැවත අපේ සහායක් නෑ – IMF ලංකාවට කියයි

දහ අටවන වතාවට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාවයන් බිඳ වැටුණොත් නැවත ක්‍රියාත්මක නොකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා.

තමන්ට එම අරමුදලේ නියෝජිතයන් මේ බව දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන්  කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඊට දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් එක්විය.

සටන් පාඨ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා.”

Exit mobile version