Site icon Newshub

හරීන් සහ මනූෂ පක්ෂයට පෙර රට තබා කටයුතු කළා – කංචන විජේසේකර

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් තම දේශපාලන පක්ෂයට පෙර රට තබා කටයුතු කළ බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව සිය X ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

රට ඉතාම තීරණාත්මක මොහොතක පසුවන අවස්ථාවක හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය දැක්වුයේ රටට අවශ්‍යම මොහොතේ ඔවුන්ගේ දේශපාලන ජීවිතය ගැන නොසිතා බව ඒ මහතා පවසනවා.

ඔහු තබා තිබු සටහන පහතින්

රටේ නීතිය සහ SJB ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දී තිබේ.

රටේ ඉතාම තීරණාත්මක මොහොතක හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය දැක්වුයේ රටට අවශ්‍යම මොහොතේ ඔවුන්ගේ දේශපාලන ජීවිතය ගැන නොසිතා මොහොතේ මෙම ප්‍රතිඵලය දැනගෙනය.

ඔවුනේ දෙදෙනා ආර්ථිකයත් රටත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ මෙහෙය කිසිවකුටඅමතක කළ නොහැක. සංචාරක හා විදේශ රැකියා ඉපැයීම් සහ එම අමාත්‍යංශ වල සංඛ්‍යා දත්ත පසුගිය වසර දෙක තුළ ඔවුන්ගේ රට වෙනුවෙන් කළ වෙහෙස මහන්සිය පෙන්නුම් කරන සාක්ෂි වේ.

රජයට එක්වීමට පෙර මම ඔවුන් දෙදෙනා සමඟ විවිධ දේශපාලන හා ප්‍රතිපත්තිමය මත සහ මතයන් මත දේශපාලන සටන් රාශියක් කර ඇත්තෙමි. බොහෝ දෙනෙක් තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීකම රටේ ජාතික න්‍යාය පත්‍රය වෙනුවෙන් තබා නොගනු ඇත. ඔවුන් තම දේශපාලන පක්ෂයට පෙර රට තැබුවා.

Exit mobile version