Site icon Newshub

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න – අරගලයේ නායකයින්ට කුට්ටිආරච්චිගෙන් ආරාධනා

එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය.

“අරගලය වෙලාවේ මේ රටේ හැම දෙනාම කියුවේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා… දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිදු කරපු පක්ෂයක්. අරගලය නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාමයෝජනා ගන්න. තරුණයෝ බහුතරයක් ඉන්න පක්ෂයක්, පිරිසිදු කරපු පක්ෂයක් තියන්නේ.”

Exit mobile version