Site icon Newshub

නාමල් ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව 2024 අගෝස්තු 02 වැනිදා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත නම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු කරනු ලැබිණි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම මත සභාපති ධුරයේදී පුරප්පාඩුවක් ඇතිව තිබේ.

Exit mobile version