Site icon Newshub

අනුරත් ඇප තියයි

ජාතික ජන බලවේයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද ‌(06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය.

රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.

Exit mobile version