Site icon Newshub

දයාසිරි පාර්ශ්වය සජිත්ට “අත” දෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ සහාය විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා.

සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

මේ වනවිටත් එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

Exit mobile version