Site icon Newshub

ඡන්දෙට හොරෙන් සල්ලි හොයන්න ගිය NPP හොරු රැළක් කුවේට්හීදි අල්ලයි.!

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “එතෙර අපි” සංවිධානය විසින් සංවිධානය කළ වැඩසටහනකට සහභාගීවූ කලාකරුවන්, සංවිධායකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙක් කුවේට් හිදී අත්අඩංගුවට පත්ව ඇති බවට වාර්තාවී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු තමාටද වාර්තාවී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද සඳහන් කර තිබේ.

මෙම තොරතුර වාර්තාවූ වහාම කුවේහි තානාපතිවරයා සමග සාකච්චා කර අත්අඩංගුවට පත් කලාකරුවන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “එතෙර අපි” සංවිධානය විසින් මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් සොයාගැනීම සඳහා මෙම ප්‍රසංගය සංවිධානය කර ඇති බවත් ඒ සඳහා මෙම කලාකරුවන් පිරිස කුවේට් බලා පිටත්ව ගොස් තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා

මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Exit mobile version