Site icon Newshub

ඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි අද තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරගයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහභාගිවීමට නියමිතය.

මෙම තරගයේ මූලික වටයේ තරග අද රාත්‍රී 11.15 සිට ආරම්භ වනවා.

මූලික වටයේ 6 වන තරගයේදී තරුෂි තරග බිමට පිවිසීමට නියමිතයි

ඔලිම්පික් තනි ධාවන ඉසව්වලට මෙවර ඔලිම්පික් උලෙළේ වට හතරක් ඇත. එනම් පළමු මූලික වටය, රිපීචේජ් වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය වේ. මෙලෙස මූලික වටයේදීම ඉවතට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ‘රිපීචේජ් වටයේ’ දෙවැනි අවස්ථාවක් ලබා දීමෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපේක්ෂා ඉහළ ගොස් ඇතැයි පැරිස් තරග සංවිධායකයෝ පවසති. මෙමඟින් ඉවතට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකම ඉසව්වක අවස්ථා දෙකකදී තරග බිමට පිවිසීමේ සුවිශේෂී අවස්ථා උදාවේ.

තනි ධාවන ඉසව්වකට මූලික වට 6කින් අට දෙනා බැගින් තරගකරුවන් 48ක් සහභාගි වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තොරා ගැනීමට නියමිතය. එයින් හොඳම අට දෙනා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති. පළමුව මූලික වටයේ ජයග්‍රාහකයන් තිදෙනා බැගින් 18ක් අවසන් පූර්ව වටයට තෝරා ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපීචේජ් වටයේ’ යළි තරග කළ යුතු වේ. එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩකයන් 6කට අවසන් පූර්ව වටයේ දොරටු විවර කිරීමට කටයුතු යොදා ඇත.

Exit mobile version