Site icon Newshub

රෑ වැටුණු වළේ නැවත වැටෙන්න අපි කැමති නැහැ – ඇමති අලි සබ්‍රි

තැල්ල බදින්නට බෙල්ල බේරගන්න ඔනේ. දේශපාලනය කරන්න රටත් තියෙන්න ඔනේ . සියලටම පෙර ඒ පිළිබදව සිතිය යුතුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

එක්ව ජයගමු ගාල්ල ජනහමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

මේ වෙලාව අත්හදා බලන්න තියෙන වෙලාවක් නෙවෙයි. ජාති ආගම් කුල පැත්තකට දාලා පක්ෂ පාට භේද පැත්තකට දාලා  අපි එකතු වුනේ මේ නිසයි. නැවත වතාවත් අත්හදා බැලීම් කරන්නට අපි ලැස්ති නැහැ. රෑ වැටුණු වළේ නැවත වැටෙන්න අපි කැමති නැහැ. මීට වසර දෙකකට කලින් පොලිම් යුගයක් තිබුණේ.  තෙල් ගන්න මාස දෙකක් පෝලිමේ ඉන්න සිදුවුනා. මේ නිසා අපි තෝරාගත යුත්තේ කවුද කියලා හොදට හිතන්න අවශ්‍යයි.

ඔනෑම දෙයක් කරද්දි අපි එක දෙයක් ඉගෙන ගන්න ඔනේ. අපි කරපු දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න ඔනේ. මේ වසර දෙක තුළ අපි යම් ස්ථාවරත්වයක් අරගෙන තියෙනවානම් එය රැකගෙන ඉදිරියට යනවාද නැත්නම් ආපස්සට යනවාද කියලා අපි තීරණය කළ යුතුව තිබෙනවා.

රටේ න්‍යාය පත්‍රයට තමන්ව සකසා ගන්නවාද නැතිනම් තමන්ගේ න්‍යාය පත්‍රයට රට කරකවමින් යනවද කියන දේ අපි නායකයෙක් තෝරාගනිද්දි බලන්න ඔනේ.

තැල්ල බදින්නට බෙල්ල බේරගන්න ඔනේ. අපිට දේශපාලනය කරන්න රට බේරිලා තියෙන්න ඔනේ . ඒ නිසා තමන්ට පෙර රට ගැන හිතන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එක්වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා

Exit mobile version