Site icon Newshub

ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවත් දියුණු කරන ජනපතිගේ සැලැස්ම

ඉන්දියාව සමඟ එකතුවී ත්‍රිකුණාමල වරාය දියුණු කළහොත් ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු තමිල්නාඩුවත් දියුණු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 26 වැනිදා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සමාජ මාධ්‍ය ජාලය හරහා තරුණ ප්‍රජාව යොමුකර ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ අවස්ථාවක එක්වෙමින්

එහිදී යොමුකර තිබු ප්‍රශ්නය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුර පහතින් දැක්වේ

ජනාධිපතිතුමනි ඔබ මින් පෙර අවස්ථාවකදී සඳහන් කර තිබෙනවා ත්‍රීකුණාමලය වරාය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කරනවා කියලා. එය අපේ ස්වෛරීත්වයට හානියක් නෙමෙයිද? ඇයි අපිට බැරි ත්‍රීකුණාමලය වරාය තනිවම සංවර්ධනය කරන්න.?

ඔබට ත්‍රීකුණාමලය වරායෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

ඉන්දියාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථිකය සහිත ප්‍රාන්තය තමයි තමිල්නාඩුව. ඊළඟට පිළිවෙලින් තෙලඟනා සහ අන්ද්‍රා. ඒ ප්‍රාන්ත තුනම අපිට ආසන්නයි. ඒ ප්‍රාන්තයන්ට ගුජරාටියට සහ මහාරාශ්ට්‍රය වගේ වරායවල් නැහැ.. ඉතින් අපි කොළඹ සහ ත්‍රීකුණාමලය වරායන් ඔවුන්ට විවෘත කලොත් සියලුම බහාලුම් ඒ වරායන්ට එනවා. එතකොට ඔබට බහාලුම් සහිත වරායක් තිබෙනවා. බහාලුම් නැතුව ත්‍රීකුණමලය වගේ වරායක් තිබිලා මොකටද?

මම ඉන්දියාව සමඟ මේ යෝජනාව සාකච්ජා කලා. ඔවුන් එකඟ උනා දෙරට යා කරන පාලම ඉදිකිරීම සඳහා ශඛ්‍යතා අධ්‍යයනය කිරීම සඳහා වන වියදම දරන්න.

බලන්න ඒ ව්‍යාපෘතිය ආරම්භ උනොත් කොතරම් දැවැන්ත ඉදිකිරීම් සිදුවෙනවද කියලා

ත්‍රීකුණාමලයට සහ කොළඹට නව මහාමාර්ග ඉදිවෙනවා. නව දුම්රිය මාර්ග ඉදිවෙනවා. මහවැලිය වගේ දෙගුණයක් විශාල සංවර්ධනයක්. සම්පූර්ණ ප්‍රදේශයම කාර්මීකරණය වෙනවා. තමිල්නාඩුවට සහ අනෙකුත් ප්‍රාන්ත වලට සිදුවෙනවා අපේ වරාය මත යැපෙන්න.

ඔබ ඒ කියන්නේ මේ හරහා ත්‍රීකුණාමලය වරාය පමණක් නෙමෙයි මුලු ලංකාවෙම යටිතල පහසුකම් සහ ආර්ථිකය දියුණු වෙනවා කියල?

අපේ රට පමණක් නෙමෙයි. දකුණු තමිල්නාඩුවත් දියුණු වෙනවා.

Exit mobile version