Site icon Newshub

ඉන්දියාව සුවිච් එක Off කළොත් ලංකාවට ලයිට් නැති වෙයිද?

ඉන්දියාව හා සමඟ විදුලිබල ජාලය (Power Grid) සම්බන්ධ කළවිට එය පාලනය කිරීමේ ලැබෙන්නේ ඉන්දියාවට නොව ශ්‍රී ලංකාවට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් දක්වා සිටියේ සමාජ මාධ්‍ය ජාලය හරහා තරුණ ප්‍රජාව යොමුකර ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ අවස්ථාවක එක්වෙමින්

ඉන්දියාව සමඟ විදුලිබල ජාලය (Power Grid) සම්බන්ධ කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වන බැවින් එය එලෙස වුවහොත් එහි බලය ඉන්දියාව සතුවන බවට විවිධ දේශපාලන පක්ෂ මත පළකිරීම සම්බන්ධයෙන් යොමු වූ පැනයක සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට යොමුකර තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් දක්වා සිටියා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එහි ස්විචය නිවාදැමීමේ බලය ඉන්දියාවට නොව ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍යතරම් බලශක්තිය ලංකාවේ තිබෙන බැවින් බලශක්ති අර්බුදයක් ඇත්තේ ඉන්දියාවට බැවින් ඔවුන්ට අනිවාර්යයෙන් පිටින් බලශක්තිය ලබාගැනීම අවශ්‍ය බවයි.

එමනිසා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ විදුලි බලය අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවට ඔවුන්ගේ විදුලි බලය අවශ්‍ය නොවන බවත් කියාසිටී ජනාධිපතිවරයා, ඔහු උත්සහ කරන්නේ ඉන්දියාව සමඟ එකතුවී බලශක්ති ක්ෂේත්‍රය දියුණු කිරීමට බව පෙන්වා දුන්නා.

එය නොදත් ඇතැම් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තමන් කණගාටු වනබවත් ඔවුන් සමඟ තරුණ තරුණියන් ඉදිරියට යාමට හැකියාවක් ඇත්දැයි ජනපතිවරයා ප්‍රශ්න කර සිටියා.

ශ්‍රී ලංකාව තුළ බලශක්ති කේන්ද්‍රයක් ඇතිකළ හැකි බවත් ඉන්දියාව සහ සිංගප්පූරුව අතර බලශක්ති හුවමාරු වැඩසටහනට ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම ඔහුගේ අපේක්ෂාව බව වැඩිදුරටත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

Exit mobile version