Site icon Newshub

සැමට ඉංග්‍රිසි උගන්වනවාට ජවිපෙ විරුද්ධ වුණා – ජනපති

අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා සියලුදෙනාටම ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට සැලසුම්කර තිබුණද ජනතා විමුක්ති පෙරමුණ එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා තරුණ ප්‍රජාව යොමුකර ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ අවස්ථාවක එක්වෙමින් ජනාධිපතිවරයා අද(26) පස්වරුවේ මේබව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අනාගතයට ගැලපෙන පරිදි අධ්‍යාපන වෙනස් විය යුතුව ඇති බව ජනාධිපතිවරයා මෙහෙිදී අවධාරණය කළේය.

“1971 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පාසල් යන කාලය වසර දෙකකින් අඩු කළා. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළා. ජාතික අධ්‍යාපනය තුළ සියලු දෙනාට ඉංග්‍රිසි උගැන්වීමට යෝජනාවක් තිබුණා. ඒවගේම තවත් මෙවැනි යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. ඉංග්‍රිසි උගන්වන්න රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. මගේ පඹයෝ පිච්චුවා. එදා හැමෝටම ඉංග්‍රිසි උගැන්නුවානම් අද මොනවගේ තත්වයක් තියෙවිද? ..

මේ රටේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩි කළ යුතුයි. වැඩි වැඩියෙන් පුහුණු කළ යුතු වෙනවා. ඒවගේම අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු තැන් තවත් තිබෙනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version