Site icon Newshub

නාමල් රාජපක්ෂ හරිම ජවසම්පන්නයි.! – සනත් නිශාන්තගේ බිරිඳ

 

නාමල් රාජපක්ෂ හරිම ජවසම්පන්න නායකයෙක් බව  සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පැවසුවාය.

ඊයේ(21දා) බිංගිරියේදී පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකදී ඇය මේබව පැවසු අතර තමන්ද පොදුජන පෙරමුණට සේවය කිරීමට තීරණය කර ඇති බවද පැවසුවාය.

“අපිට මතක තියෙන කාලේ මේ ඉන්න වයසක මිනිස්සු පිටිපස්සේ ගියා කියලා අපිට හිනාවෙන යුගයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි දැන් අපිට දැවැන්ත ජව සම්පන්න තරුණ නායකයෙක් පොදුජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක ධුරයට පත්වෙලා තියෙනවා. හැබැයි ඔහු අපිට අභියෝග කළ හැකි නායකයෙක්. හැබැයි ඔහු අපිට සම කළ නොමැති නායකයෙක් . අපිට කියන්න අඩුපාඩවක් නැහැ. සමහර වෙලාවට අපි කියනවා එක එක්කෙනාගෙ අඩුපාඩු. එක්කො ඉගෙනගෙන නැහැ .එක්කො අරක්කු බොනවා . එක්කො තව තව දුෂණ වංචා වැරදි කරනවා. හැබැයි සනත් නිශාන්තයන් කියපු වචනවලින්ම කියනවානම් කොල්ලෙක් ඉන්නවානම් මේරටේ නායකත්වය තුළ  අරක්කු සිගරට් බොන්නේ නැති ඒ නාමල් රාජපක්ෂ,  මේ රටේ නායකත්වය තුළ කොල්ලෙක් ඉන්නවානම් මස් මාංශ කන්නේ නැති ඒ නාමල් රාජපක්ෂ , අධ්‍යාපනයේ උපරිමයට ගිහින් තියෙනවානම් ඒ නාමල් රාජපක්ෂ . එතුමන්ට හයිය දෙන්න එතුමන්ගේ පියානන් ඉන්නවා.  ඒවගේම සනත් නිශාන්තයන්ගේ අඩුව පිරිමහන්න මේ පක්ෂයටවත් මේ මහපොළොවටවත් නොහැකි වේවි. සනත් නිශාන්තයන්ගේ පිටුපස සිට පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන්ට දැවැන්ත සේවාවක් මම කලා වගේම තවදුරටත් ඒ සේවාව පොදුජන පෙරමුණට දෙන්නට තීරණය කරලා ඉවරයි” යනුවෙන් පැවසුවාය.

 

Exit mobile version