Site icon Newshub

රනිල්ගේ සහයට පොහොට්ටු මැති ඇමතිවරු 26ක් කඩවතට – නාමල්ට ගම්පහින් දෙකයි

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය යුතු බවට කඩවත බස් නැවතුම්පොළ 21 වැනිදා පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළියට පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වී ඇති බව වාර්තා වනවා.

 

එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදිය යුතු බවට පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වීමද විශේෂත්වයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් කඩවත පවතී “එක්ව ජය ගමු – අපි ගම්පහ” රැළියට එලෙසෙ පොහොට්ටු මන්ත්‍රීන් සහභගිවන විට පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේදී පැවැත්වුනා.

ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වී සිටියේ ප්‍රසන්න රණවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පමණක් වන අතර එම රැළියට පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් සහභාගී වී තිබුනා.

Exit mobile version