Site icon Newshub

අත්හදා බලන්න ගිහින් වරද්ද ගන්න එපා – හරීන්

 

මෙම අවස්ථාව අත්හදා බැලීම් සිදුකිරීමට අවස්ථාව නොවන බවත් එලෙස අත්හදා බැලීම් කර වරද්දා නොගන්නා ලෙසද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද කඩවත ජනහමුවට සහභාගීවෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රට අභියෝගයට ලක්වු අවස්ථාවේ දේශපාලනය කරමින් නොසිට එක්වුවා සේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් එක්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපි හිටියේ නයයි පොලගයි වගේ, රට වැටිලා මිනිස්සු පෝලිම් වල ඉද්දිත් අපි අපේ දේශපාලනය කරනවානම් ඒ අය ඇත්තටම දේශපාලඥයෝ නොවෙයි අමනයෝ. අමන මිනිස්සු.

කෙනෙක් නායකයෙන් උනාට පස්සේ අභියෝගක් භාරගන්න පුළුවන්කම තියෙන්න ඔනේ . ජනාධිපතිතුමා එදා ඒ අභියෝගය භාරනොගන්නට අද අපිට මෙහෙම රටක් තියෙයිද? අපේ ජනතාව පොඩක්ක හිතලා බලන්න. අපිට බොහොම ඉක්මණට අතීතය අමතක වෙනවා. දැන් ඒ නිසා අත්හදා බැලීම් සිදුකරන්න හදනවා.  නමුත් එදා මේරට භාරගන්න අත්දැකීමක් තියෙන මනුස්සයෙක් හිටියෙ නැහැ. තනි මන්ත්‍රීකමක් තිබුණු කෙනෙක් කොහොමද මේ හැමේමගෙන්ම වැඩගන්නේ කොහොමද? ඒතමයි  කෙනෙකුට වගකීමක් දුන්නම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි ගහන්න ගියේ නැහැ. නායකයෙක් කියන්නේ හැමෝගෙන්ම වැඩගන්න කෙනෙක් මිස් වැඩ ඔක්කොම කරේ තියාගෙන කරන කෙනෙක් නෙවෙයි.

අද බංගලාදේශයේ මිනිස්සු පාරේ වෙඩි තියලා මරණනවා. අපේ රටේත් අරගලයක් තිබුණා. නමුත් එක මනුස්සයෙක් මැරුණේ නැහැ.  අද රනිල් වික්‍රමසිංහ මහත්තයට පක්ෂයක් නැහැ. ජනාධිපතිතුමා ඉන්නේ මහජනතාවගේ පැවැත්තේ. මේ නිසා අත්හදා බලන්න ගිහින් වරද්ද ගන්න එපා. මේක අත්හදා බලන වෙලාවක් නෙවෙයි. උද්ධමනය සියයට 132 ක තිබුණේ. අද උද්ධමනය සීයයට 01 යි. මේවා කොහොමද වෙන්නේ. මේවා තමයි ප්‍රාතිහාර කියන්නේ. ඒ නිසා වරද්දගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

Exit mobile version