Site icon Newshub

අනුර දිනන කතාව බොරු – ඉදිරි ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමය සමීක්ෂණයක් කර නෑ

අනුර කුමාර ප්‍රමුණ ජාතික ජනබල වේගය මෙවර ජනාධිතිවරණය ජයගන්නා බව පවසමින් යුරෝපා සංගමය මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇතැයි පළවන වාර්තා සාවද්‍ය බව ෆැක්ට්ස්සීකර් (Factseeker) පෙන්වා දී ඇත.

අදාළ තොරතුරු අනුව එම සංවිධානය මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබේ.

තමන් එවැනි පර්යේෂණ කිසිවක් කර නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එම මාධ්‍ය අංශය තහවුරු කර ඇත.

යුරෝපා සංගමය මේ පිළිබදව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ නිල X වෙබ් අඩවියේ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු මත විමසුමක් සිදුකර නැති බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බව ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මගින් මත විමසුමක් සිදුකළ බවට පළ කර ඇති වාර්තා ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි..

 

ඔවුන් පළකර ඇති පුවත සම්පුර්ණයෙන්ම පහත පරිදි වේ,

 

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය මේ වන විට පෙරමුණ ගෙන සිටින බව යුරෝපා සංගමය ශ්‍රී ලංකාව තුළ කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි “ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

මෙම සමීක්ෂණයට අනුව ඡන්දදායක මනාපවල සැලකිය යුතු වෙනසක් සිදු වී ඇති අතර තෝරා ගත් නියැදියෙන් සියයට 53 ක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට කැමැත්ත පළ කර ඇති බව එම පුවතේ සදහන් වී ඇත.

 

 

 

මනාප ඡන්ද සියයට 24 ක ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස දෙවැනි ස්ථානයේ සිටින බව සදහන් වේ. එමෙන්ම වයස අවුරුදු 18 ත් 19 ත් අතර ඡන්දදායකයින් සජිත් ප්‍රේමදාසගේ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) උපාධියේ නීථ්‍යානුකූලබාවය ප්‍රශ්න කර ඇති බව ත් මෙහිදී සජිත් ප්‍රේමදාසගේ විශ්වාසනීයත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති  බව ද එමගින් අනාවරණය කර ඇත.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට සියයට 6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වන අතර රනිල් වික්‍රමසිංහට ඇත්තේ සියයට 5 ක ශ්‍රේණිගත කිරීමක් බව ත් සියයට 12 ක් වන පාවෙන ඡන්ද මෙතෙක් තීථරණයක් ගෙන නැති බව ත් එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන බව ලංකා ඊ නිව්ස් පුවතේ වැඩිදුරටත් සදහන් වී තිබිණි.

 

Factseeker  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ නිල X  අඩවිය පරීක්ෂා කළ අතර ඔවුන් එවැනි කිසිදු නිවේදනයක් කර නැති බව අනාවරණය විය.

 

මේ සම්බන්ධයෙන් Factseeker  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී ඔවුන් තහවුරු කළේ, තමන් එවැනි පර්යේෂණ කිසිවක් කර නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්ය.

 

යුරෝපා සංගමය මේ පිළිබදව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ නිල X වෙබ් අඩවියේ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු මත විමසුමක් සිදුකර නැති බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බව ඔවුන් අවධාරණය කරයි.

 

 

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මගින් මත විමසුමක් සිදුකළ බවට ‘ලංකා ඊ නිව්ස්’ විසින් පළ කර ඇති වාර්තාව ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි.

Exit mobile version