Site icon Newshub

ජනපති රනිල්ට කඩවතින් උණුසුම් පිළිගැනීමක්

කඩවත නගරයේ පැවැත්වෙන “එක්ව ජයගමු” ජනහමුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දී එක්විය.

ජනාධිපතිවරයා ජනහමුව පැවැත්වෙන භුමියට පැමිණෙන අවස්ථාවේදී ඉතා උණුසුම් පිළිගැනීමක් ජනතාවගෙන් හිමිවු අතර එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝජිතයෝ ජනාධිපතිවරයා පිළිගැනීමට එක්විය.

කඩවත නගරයේ පැවැත්වෙන ජනහමුව සඳහා අති විශාල ජනකායක් මේවනවිට එක්ව සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සමරන දිනයේදී මෙම ජනහමුව පැවැතීවීමද විශේෂත්වයකි.

 

Exit mobile version