Site icon Newshub

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

මෙවර ආසියානු කුසලාන 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය අද (19 දා) සිට රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වෙන අතර තරග නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.

ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.

ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට  ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය.

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායිකා චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී සහ අමා කාංචනා ය.

 

Exit mobile version