Site icon Newshub

අලුත් ඡන්ද දායකයින් ලක්ෂ 10 ක්

මෙවර ජනාධිපතිවරණය සඳහා මුල්වරට සිය ඡන්දය ප්‍රකාශකරන අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10 ක් පමණ ලියාපදිංචි කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව මෙම පිරිස ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගේ පළමු ඡන්දය මේවසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ලබාදෙනු ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේදී සකස් කළ ඡන්දහිමි නාමලේඛන මෙවර ජනාධිපතිවරණය සඳහා යොදාගන්නා බවත් පෙබරවාරි සිය මැයි දක්වා වයස අවුරුදු 18 සම්පුර්ණ වු තවත් ඡන්ද දායකයෝ හැත්තෑ හයදහසක් පමණ සිටිනබ බවද හෙතෙම පැවසීය.

“මෙවර අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් තමයි එකතුවෙලා තිබෙන්නේ. සාමානයෙන් වර්ෂයකට අලුත් ඡන්දදායකයෝ ලක්ෂයක් ලක්ෂ දෙකත් අතර ප්‍රමාණයක් එකතුවෙනවා. මෙවර ඡන්ද සඳහා සුදුසුකම්ලබා ඇති සමස්ත ප්‍රමාණය එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් පමණ වෙනවා.” යනුවෙන්ද සමන් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version