Site icon Newshub

පොහොර වර්ග පහකට ලැබුන හිතාගන්න බැරි මිල සහනය

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර වර්ග 05ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කර තිබෙනවා.

APM, YPM, කුරුඳු (යූරියා), කුරුඳු (SA) සහ TDM යනාදියෙහි මිල ඊයේ (17දා) සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස අඩු කර ඇති අතර කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක පොහොර බෑගයක් ගත් කල APM රුපියල් 9000 සිට රුපියල් 7200 දක්වාද , YPM සිට රුපියල් 8000 සිට රුපියල් 6200 දක්වාද, කුරුඳු (යූරියා) රුපියල් 9,750 සිට රුපියල් 7,950 දක්වාද , කුරුඳු (SA) රුපියල් 8,000 සිට රුපියල් 6,200 දක්වාද එසේම TDM රුපියල් 11,000 සිට රුපියල් 9,200 දක්වාද අඩු කර ඇත.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහොර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 01ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබේ

Exit mobile version