Site icon Newshub

රටේ ආර්ථිකය තවමත් පිහි දාරයක – ආචාර්ය හර්ෂ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ආරංචිය සුබ බව සඳහන් කළද රටේ ආර්ථිකය තිබෙනුයේ තවමත් පිහියෙහි දාරය මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ 17 දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය එකට යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රජය සහ ණය හිමියන් එකඟවෙලා තිබෙන්නේ. නමුත් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙලා නෑ.

ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව ආණ්ඩුව කිව්වත් ඒ සම්බන්ධයෙක් අත්සන් කරපු ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන ආරංචිය තවම ලැබිලා නෑ. ලැබුණට පස්සේ ඒ ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මනින් අවසන් කරගැනීමට සිදුවෙනවා. එසේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර ගැනීමට නොහැකි වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුමේ ගැටලු ඇතිවෙන්න පුලුවන්. ආරංචිය සුබයි කියලා කිව්වට රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියෙ දාරයේ. ඊළඟට ආණ්ඩුව ගන්න පිරිසට අතිශයින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. ඒ අභියෝගය භාර ගන්න සමගි ජනබලවේගය සුදානම්. කතිරය ගහලා සමගි ජනබලවේගට සහාය දුන්නොත් සමගි ජනබලවේගයට හැකියාව තිබෙනවා රටේ ඉදිරියට අරගෙන යන්න”

Exit mobile version