Site icon Newshub

ට‍්‍රම්ප්ට වෙඩි තිබ්බට පස්සෙවත් අනුරගේ ආරක්ෂාව තර කරන්න – භික්ෂූ යෝජනාවක්

මීළඟ ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වෙඩි තැබීමේ සිදුවීමත් සමග ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කල යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

තම බලය වෙනුවෙන් දූෂිත දේශපාලඥයන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද එම පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

‘අනුර දිසානායක මහතා ආරක්ෂා කළ යුතුයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බවට බොහෝ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා. ප‍්‍රසිද්ධියේ පෙනි නොසිට ඔහු ඔහුට දේශන පැවැත්වීමට හැකි හැකියාව සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. මෙම දූෂිත දේශපාලඥයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කිරීමට හැකි නිසා ඔහුව ආරක්ෂා කළ යුතුයි’

Exit mobile version