Site icon Newshub

‍‍ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ අද ජනපතිට

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිත බව කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.

මෙම වාර්තාව පිටු 130කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දා පත් කළ එහි නිල කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් විය.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 19 කි.

කොමිසම විසින් ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබා ගැනීම සිදු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව එහි අවසන් වාර්තාව සකස් කර ඇත.

 

Exit mobile version