Site icon Newshub

විවාදය මඟහැරිය සජිත්ට අනුරගෙන් තවත් අභියෝගයක්

පක්‍ෂයේ කිසිම මන්ත්‍රී වරයකු මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අභියෝග කළේය.

දඹුල්ලේ පැවති ජනරැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනතාව ඇමතු වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වූ විගස වත්මන් රජයෙන් ලබාගෙන ඇති මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට පුරසාරම් දෙඩු බවය.

ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙකු රහසිගතව මත් පැන් අලවිසැල් බලපත්‍ර ලබාගෙන තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා එසේ එකම අයෙකු හෝ බලපත්‍ර ලබාගෙන නැති බව ප්‍රකාශ කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව සඳහන් කළේය.

Exit mobile version