Site icon Newshub

හොර හරක් හොම්බෙන් අල්ලගන්න ධම්මිකගෙන් අලුත් ඇප් එකක්

හොරෙන් රැගෙන යන හරක් පහසුවෙන් හඳුනාගැනීමට පොලීසියට පහසුවීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කරමින් යෙදුමක් (App) නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කුඩා දරුවකුගෙන් ඉල්ලා තිබෙනවා.

ධම්මික පෙරේරා මහතා නිර්මාතෘ සහ සභාපති ධුරය දරන ඩී. පී. එඩියුකේෂන් හි සහතික පත්‍ර ලබාදීමේ වසසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම කර තිබෙනවා.

තම හරක් හොරකම් කිරීමට ඉස ඇති බවට සැක කරන කිරි ගොවීන් හරකාගේ ඡායා රූපයක් සමඟ එම යෙදුමේ (App) ලියාපදිංචි කර පොලීසියට එය ලබාදීමෙන් හරක් පැටවූ ලොරියක් හසු වූ විට හරකුන්ගේ ඡායා රූපයක් ගැනීමෙන් එහි අයිතිකරු සොයාගැනීමට එමඟින් හැකියාව ලැබෙන පරිදි එය සැකසීමටද ධම්මික පෙරේරා මහතා එම දරුවට උපදෙස් ලබාදෙනු ලැබුවා

“හරකාගේ මූණත් එක්ක හොම්බෙන් AI දාපු ගමන් එනවනේ?” ඒ මහතා අපදෙස් ලබාදීමෙන් අනතුරුව එම දරුවාගෙන් විමසා සිටියා.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනපතිධුර අපේක්ෂයා ලෙස පත්වීමේ බලාපොරොත්තුවෙන් යුතුව සිටින බවද ඒ මහතා විසින් කිහිප වතාවක් සඳහන් කර තිබෙනවා.

Exit mobile version